ආදායම් බදු සඳහා ලියාපදිංචි වී ඇති සියලුම තැනැත්තන් 2024/2025 තක්සේරු වර්ෂයට අදාළ ආදායම් බදු වාර්තා මාර්ගගතව (Online) 2025 නොවැම්බර් මස 30 වන දින හෝ එදිනට පෙර භාරදීම අනිවාර්ය බව දැනුම් දී තිබෙනවා.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇති අතර,
නියමිත දිනට ආදායම් බදු වාර්තා භාර නොදෙන තැනැත්තන්ට එරෙහිව 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත අනුව නීතිමය ක්රියාමාර්ග ගැනීමට සිදුවන බවද එම නිවේදනයේ සඳහන් කර තිබෙනවා.
කෙසේ වෙතත් , මේ පිළිබඳ වැඩි විස්තර 1944 අංකයෙන් හෝ http://www.ird.gov.lk වෙබ් අඩවියෙන් හෝ ආසන්නතම දේශීය ආදායම් ප්රාදේශීය කාර්යාලයෙන් ලබා ගත හැකිය.










