දේශීය

වාර පරීක්ෂණ නොපවත්වන ලෙස අමාත්‍යාංශයෙන් යළි දැනුම් දීමක්

2025 අධ්‍යයන වර්ෂයේ තෙවන පාසල් වාරය සඳහා 6 සිට 10 ‍ශ්‍රේණිය දක්වා වාර පරීක්ෂණ පැවැත්වීම නොකරන ලෙස නැවත වරක් දැනුම් දී තිබෙනවා.

අදාළ නිලධාරීන්ට සහ විශේෂයෙන් සියලු ම විදුහල්පතිවරුන් වෙත නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී ඇත්තේ මේ සම්බන්ධයෙන් මීට පෙර දැනුම් දී ඇති උපදෙස් අනිවාර්යයෙන් ක්‍රියාත්මක කරන ලෙසයි.

මේ අතර දිවයිනට බලපෑ ආපදා හේතුවෙන් කල්දැමුණු, තුන්වන පාසල් වාරයේ දෙවැනි අදියර අද ආරම්භ වූවා.

කෙසේ වෙතත්, ඌව, මධ්‍යම සහ වයඹ යන පළාත්වල පාසල් 640 ක් අද විවෘත නොකෙරෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.

Shares: