උණුසුම් පුවත්ක්‍රීඩා

Call of Duty 2027 ගැන Leak වුණ අලුත් තොරතුරු

ලෝකප්‍රසිද්ධ Call of Duty පරිඝණක ක්‍රීඩාව ඉදිරියේදී විශාල වෙනසකට ලක්වීමට සූදානම් වෙමින් සිටින බවට නව වාර්තාවක්(leaked) පළව තිබේ.

විශ්වාසදායක gaming insider කෙනෙකු ලෙස හඳුනාගෙන ඇති TheGhostOfHope නමින් හඳුන්වන චැනලය අනාවරණය කර ඇති තොරතුරු අනුව, 2027 දී නිකුත් වීමට නියමිත Call of Duty ක්‍රීඩාව පෙර පරිදි Modern Warfare හෝ Black Ops series එකකට අයත් නොව, සම්පූර්ණයෙන්ම නව sub-series එකක් ලෙස හඳුන්වා දීමට Activision සැලසුම් කර තිබේ.

මෙම නව ක්‍රීඩාව Sledgehammer Games විසින් සංවර්ධනය කරනු ඇතැයිද එම වාර්තාව සඳහන් කරයි.

Gameplayහි විශාල වෙනස්කම්

  • Zombies mode එකක් ඇතුළත් නොවන බව
  • Tactical Sprint ඉවත් කරන බව
  • Treyarch හඳුන්වාදුන් Omnimovement system එක පවත්වාගෙන යන බව

සඳහන් වේ.
මෙම වෙනස්කම් Call of Duty gameplay style එකට දැඩි බලපෑමක් ඇති කරනු ඇතැයි gaming විශ්ලේෂකයින් පවසයි.

90s – 2000s යුගය පදනම් කරගත් කතාවක්

  • මෙම නව Call of Duty ක්‍රීඩාව 1990 දශක අග සිට 2000 දශක මුල් භාගය පදනම් කරගත් setting එකක සිදුවන අතර,
    නව චරිත හා සම්පූර්ණයෙන්ම නව කතාවක් ඇතුළත් වන බවත් වාර්තාවේ සඳහන් වේ.

Activision හි Release Strategy එක වෙනස් වෙයි

  • Activision මෑතකදී නිල වශයෙන් ප්‍රකාශ කර තිබුණේ,
    මෙතෙක් පැවති Modern Warfare – Black Ops වසරෙන් වසර මාරු කරමින් නිකුත් කරන ක්‍රමය අවසන් කරන බවයි.
  • ඒ වෙනුවට, “සෑම වසරකම සම්පූර්ණයෙන්ම වෙනස් අත්දැකීම් ලබාදීම” යන අරමුණෙන් ක්‍රීඩා නිකුත් කරන බව Activision සඳහන් කර ඇත.

Black Ops 7 ගැන අඩු ප්‍රතිචාර?

  • වාර්තාව අනුව, Black Ops 7 ක්‍රීඩාව Black Ops 6 තරම් සාර්ථක වී නොමැති බවටද gaming විශ්ලේෂකයින් අදහස් පළ කර ඇත.
    ඒ හේතුවෙන් Call of Duty franchise එක “franchise fatigue” තත්ත්වයකට පත්ව ඇති බවත් සඳහන් වේ.

2026 දී Modern Warfare 4?

  • තවත් වාර්තාවකට අනුව, 2026 දී Modern Warfare 4 නිකුත් වීමට නියමිත අතර,
    එය Modern Warfare 2 (2022) ක්‍රීඩාවේ වැඩි වෙනස්කම් නොමැති version එකක් වනු ඇතැයිද කියවෙයි.

– Ishara Weerakkodi


*මෙම සියලු තොරතුරු නිල වශයෙන් Activision විසින් තහවුරු කර නොමැති leak / rumor බවත්, අනාගතයේදී වෙනස් විය හැකි බවත් Lanka Hit News අපි අවධාරණය කරන්නෙමු.

 

Shares: