ඉස්ලාමයේ පූජනීයතම ස්ථානය වන කාබා ආවරණය කරන *කිස්වා* රෙදි කැබලි කිහිපයක් අපකීර්තියට පත්වූ ලිංගික අපරාධකරුවෙකු ලෙස වරදකරු වූ ජෙෆ්රි එප්ස්ටීන් වෙත යවා ඇති බවට පෙනෙන ලේඛන සම්බන්ධයෙන් ලොව පුරා මුස්ලිම් ජනතාව දැඩි කෝපය පළ කරමින් සිටිනවා.
මෙම තොරතුරු ජනවාරි 30 දින United States Department of Justice (DOJ) විසින් නිකුත් කළ එප්ස්ටීන් සම්බන්ධ ලිපිගොනු අතර පළවී තිබේ. එම ලේඛනවලට අනුව, 2017 දී සෞදි අරාබියෙන් කැරිබියන් දූපත්හි පිහිටි එප්ස්ටීන්ගේ නිවසට *කිස්වා* ලෙස හඳුන්වන කාබා ආවරණ රෙදි කැබලි තුනක් නැව්ගත කළ බව පෙන්වන ඊමේල් හුවමාරුවක් තිබෙනවා.
මෙම හෙළිදරව්වෙන් පසු සමාජ මාධ්‍ය හරහා දැඩි විවේචන එල්ල වී ඇති අතර “පෘථිවියේ ශුද්ධම ස්ථානයෙන් අපිරිසුදුම ස්ථානයකට යමක් යැවීම ගැන සිතා බලන්න!” යනුවෙන් එක් Twitter පරිශීලකයෙකු සටහනක් තබා තිබුණා
තවත් පරිශීලකයෙකු 2014 වසරේ ගත් බවට පෙනෙන ඡායාරූපයක් ගැන සඳහන් කරමින්, එහි එප්ස්ටීන් සහ තවත් පුද්ගලයෙකු බිම අතුරා ඇති විශිෂ්ට රෙදි කැබැල්ලක් පරීක්ෂා කරන අයුරු දැක්වෙන බව පවසා තිබෙනවා. එම රෙදි කැබැල්ල කාබා දොරටුව ආවරණය කරන කිස්වා කොටසකට සමාන බවට සැක පළ කර තියෙනවා.
කෙසේ වෙතත්, එම ඡායාරූපය 2017 නැව්ගත කිරීමේ ලේඛන සමඟ සෘජු සම්බන්ධයක් ඇතිද යන්න තවමත් පැහැදිලි වී නොමැත. එම රෙදි සැබෑ කිස්වා කැබැල්ලක් ද යන්නද නිශ්චිත කර නොමැත.
කිස්වා යනු කුමක්ද?
*කිස්වා* යනු කළු සිල්ක් රෙද්දකින් නිමවා, රන් හා රිදී නූල්වලින් කුරානයේ වාක්‍ය එම්බ්‍රොයිඩර් කර සකස් කරන විශිෂ්ට ආවරණයකි.
එය මස්චජිද් අල්-හරාම් මධ්‍යයේ පිහිටි කාබා ගොඩනැගිල්ලේ බාහිර බිත්ති හතරම ආවරණය කරයි. සෑම වසරකම, ඉස්ලාමීය අලුත් අවුරුද්දේදී නව කිස්වා රෙද්දකින් අලුතින් ආවරණය කරනු ලබනවා. පැරණි කිස්වා කොටස් කාලයත් සමඟ විවිධ ආකාරයෙන් බෙදා හරින ලද බව ඉතිහාසය සොයා බැලීමේදී දැනගන්න තියෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පළවූ ලේඛන හා ඡායාරූප සත්‍යතාව පිළිබඳ තවදුරටත් පැහැදිලි කිරීමක් අවශ්‍ය බව විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.
කිස්වා කැබලි එප්ස්ටීන් වෙත යවා තිබේද? නැතිනම් එය තවත් අසත්‍ය සම්බන්ධතාවයක්ද?
මෙම ප්‍රශ්නවලට පිළිතුරු සොයමින් ලෝකය අවධානයෙන් සිටී.











