අද (19) පස්වරු 1.00 න් පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා.
විශේෂයෙන්ම මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල සහ අම්පාර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 50 ට වැඩි තද වැසි ඇති විය හැකි බැවින් අවධානයෙන් සිටීම වැදගත් වේ.
උතුරු සහ නැගෙනහිර පළාත්වල ජනතාවට උදෑසන කාලයේද වැසි තත්ත්වයන් අත්විඳීමට සිදුවිය හැකි අතර, මධ්‍යම, සබරගමුව, බස්නාහිර පළාත්වල සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල අලුයම මීදුම් සහිත තත්ත්වයන් අපේක්ෂා කරනවා.
ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු ඇති විය හැකි බැවින්, මහජනතාවෙන් ඉල්ලා සිටින්නේ ආරක්ෂිත පියවර ගනිමින් අවදානම් අවම කර ගැනීමට කටයුතු කරන ලෙසයි.
🛑 අවශ්‍ය නොවන්නේ නම් විවෘත ස්ථානවල රැඳී සිටීමෙන් වලකින්න
🛑 අකුණු අවදානම ඇති විට විදුලි උපකරණ භාවිතය සීමා කරන්න
🛑 ගස් සහ පැරණි ගොඩනැගිලි අසලින් ඉවත් වී සිටින්න











