කාළගුණය

අද පස්වරුවේ දිවයන පුරා වැසි තත්වයක්!

කාලගුණ දෙපාර්තමේන්තුවේ නිවේදනයේ සදහන් වන්නේ අද දින පස්වරු 1.00ට පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

තද වැසි අපේක්ෂිත ප්‍රදේශ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල සමහර ස්ථානවල මි.මී. 75ට වැඩි තද වැසි ඇතිවිය හැක.

උදෑසන වැසි, දකුණු පළාතේ වෙරළබඩ ප්‍රදේශවලත්, කලුතර දිස්ත්‍රික්කයේද උදෑසන වැසි ඇතිවිය හැකි බව සඳහන් වනවා.

මීදුම් තත්ත්වය, මධ්‍යම, සබරගමුව, උතුරු මැද සහ ඌව පළාත්වලත්, වව්නියාව සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල උදෑසන මුල් පැයවල මීදුම් තත්වයක් පවතිනු ඇත.

අවවාදය, තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට මහජනතාවට අවශ්‍ය ආරක්ෂිත පියවර ගැනීමට ඉල්ලා තිබෙනවා.

ආරක්ෂිත උපදෙස්, විදුලි අකුණු පවතින කාලයේ විවෘත භූමිවල රැඳී නොසිටින්න, විදුලි උපකරණ භාවිතය සීමා කරන්න, ගමනාගමනයේ දී අවධානයෙන් සිටින්න

Shares: