විදෙස්

ඉන්දීය ක්‍රිකට් පිළට අගමැති මෝදිගෙන් සුබ පැතුම්

ආසියානු කුසලාන ශූරයින් වීමට ඉන්දීය කණ්ඩායම ඊයේ සමත් වූ අතර තරගයෙන් ජයග්‍රහණය කළ ඉන්දීය කණ්ඩායමට අගමැති නරේන්ද්‍ර මෝදි සිය සුබපැතුම් එක්කර සිටියා.

සිය ඉන්ස්ටග්‍රෑම් සමාජ පිටුවෙහි සටහනක් තබමින් අගමැතිවරයා මේ පිළිබඳව පවසා සිටියා.

එහිදී අගමැති මෝදි පවසා සිටියේ මෙවැනි අදහසක්.

“ක්‍රීඩා පිටියේ ‘#OperationSindoor’. ප්‍රතිඵලය එකමයි – දිනන්නේ ඉන්දියාවයි! අපගේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට සුබ පැතුම්.”

මෙම ප්‍රකාශය ක්‍රීඩා ජයග්‍රහණය, ඉන්දීය හමුදා විසින් මීට පෙර දියත් කරන ලද ‘Operation Sindoor’ නම් මෙහෙයුමක ප්‍රතිඵලය සමඟ සංකේතාත්මකව සම්බන්ධ කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසා සිටියේ.

Shares: