දේශීය

හුංගම ඝාතනයේ ප්‍රධාන සැකකරු ඇතුළු 04ක් අත්අඩංගුවට

හුංගම, වාඩිගල ප්‍රදේශයේ නිවසක දී යුවළක් තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු සහ තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හුංගම පොලීසිය පැවසුවේ අද (07) උදෑසන මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගත් ඝාතනයේ ප්‍රධාන සැකකරු “අදුපැලෑන බිංදු” යන අනවර්ථ නාමයෙන් හැඳින්වෙන අතර ඔහු ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ අයෙකු බවටයි අනාවරණය වී ඇත්තේ.

අද අලුයම අලුයම 12.45ට පමණ හුංගම, වාඩිගල ප්‍රදේශයේදී මෙම ද්විත්ව ඝාතනය සිදුව තිබුණා.

පොලීසිය පැවසුවේ, ගෙහිමි කාන්තාව වැසිකිළි යෑම සඳහා නිවසින් පිටතට පැමිණි අවස්ථාවේදී පස්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නිවස තුළට කඩා වැදී ඇති බවයි.

පසුව නිවසෙහි වූ කාමරයක සිටි යුවළකට තියුණු ආයුධවලින් අමානුෂික ලෙස පහරදී ඝාතනය කර තිබෙනවා.

එහිදී ඝාතනය වූ පුද්ගලයාගේ හිස කඳෙන් වෙන්වන ලෙස පහරදී ඇති බවයි පොලීසිය කියා සිටියේ.

ඝාතනය වූ 28 හැවිරිදි පුද්ගලයා පසිඳු හේෂාන් නැමැත්තෙක් වන අතර ඝාතනය වූ ඔහුගේ අනියම් බිරිය බවට පැවසෙන කාන්තාව 28 හැවිරිදි ඉමේෂා මදුෂානි නම් අයෙක්.

මියගිය පුද්ගලයා මීට පෙර පුද්ගල ඝාතන දෙකකට සම්බන්ධ අයෙක් බවට වාර්තා වනවා.

Shares: