දේශීය

මැදවච්චියේ කනදරා ඔයෙහි තිබී ටී 56 උණ්ඩ තොගයක් හමුවෙයි..

 

මැදවච්චිය වහමල්ගොල්ලෑව ප්‍රදේශයේ තිබී ටී 56 උණ්ඩ තොගයක් සහ පතොරම් ගැබ් දෙකක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

මැදවච්චිය පොලිසියට ලද තොරතුරකට අනුව වහමල්ගොල්ලෑව ප්‍රදේශයෙන් ගලා බසිනු ලබන කනදරා ඔයෙහි තිබී මෙම උණ්ඩ තොගය සොයාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එහිදී ටී 56 වර්ගයේ ජීව පතරොම් 41ක් හා පතොරම් ගැබ් 02ක් පොලීසිය විසින් මෙලෙස සොයාගෙන ඇති අතර, මෙම උණ්ඩ එම ස්ථානයට ගෙනවිත් දමන ලද පුද්ගලයින් කවුරුන්ද යන්න අනාවරණය කර ගැනීම සඳහා මැදවච්චිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

 

Shares: