විදෙස්

තායි හිටපු අගමැතිට ඩොලර් මිලියන 542ක බදු ගෙවීමට නියෝග

තායිලන්තයේ සිරගතව සිටින හිටපු අගමැති තක්සින් ෂිනවත්‍රාට බදු සහ දඩ වශයෙන් භාත් බිලියන 17.6ක් (ඩොලර් මිලියන 542ක්) ගෙවන ලෙස එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ ඔහු විසින් අරම්භ කළ විදුලි සංදේශ සමාගමක් වන ෂින් කෝප් වසර දෙකකට ආසන්න කාලයකට පෙර සිංගප්පූරුවේ රාජ්‍යයට සම්බන්ධ ආයෝජන සමාගමක් වන ටෙමාසෙක් වෙත විකිණීම හා බදු පැහැර හැරීමට අදාළවයි.

නමුත් එම ගනුදෙනුව නීතිරීතිවලට අනුකූල බවයි ඒ අවස්ථාවේදී, හිටපු අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ.

මෙම තීන්දුව මගින් මීට පෙර ආදායම් දෙපාර්තමේන්තුවේ බදු තක්සේරුව අවලංගු කර තිබූ නඩු තීන්දු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබුණා.

දූෂණ සහ බලය අනිසි ලෙස භාවිතා කිරීමේ චෝදනා මත 2023 දී නියම කරන ලද සිර දඬුවමක් සම්පූර්ණ කිරීම සඳහා සැප්තැම්බර් මාසයේදී වසරක සිර දඬුවමක් නියම කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කළ ඔහුට එල්ල වූ නවතම දඬුවම මෙයයි.

තක්සින් විසින් 2006 වසරේදී ෂින් කෝප් හි 49%ක කොටස් භාත් බිලියන 73.3කටයි ටෙමාසෙක් වෙත විකුණා ඇත්තේ.

මෙම ගනුදෙනුව සිදුකරන ලද්දේ විදුලි සංදේශ සමාගම්වල විදේශීය හිමිකාරිත්ව සීමාව 25% සිට 49% දක්වා රජය විසින් ඉහළ නැංවීමෙන් දින කිහිපයකට පසුවයි.

කෙසේ වෙතත්, මෙම ගනුදෙනුව බදු ගෙවීමකින් තොරව සිදු වූ අතර, එයට එරෙහිව වීදි විරෝධතා ඇති වුණා.

එහිදී තක්සින් එක්සත් ජාතීන්ගේ රැස්වීමකට සහභාගී වෙමින් සිටියදී හමුදා කුමන්ත්‍රණයකින් අගමැති ධූරයෙන් නෙරපීමට මෙම මතභේදාත්මක සිදුවීම හේතු වූවා.

තක්සින් යනු තායිලන්තයේ ධනවත්ම පුද්ගලයන් අතර සිටින්නෙක් වන අතර ඔහුගේ ශුද්ධ වත්කම ඩොලර් බිලියන 2.1ක ප්‍රමාණයක්.

ඔහු බලයෙන් පහ කිරීමෙන් පසු දශකයකට වැඩි කාලයක් ස්වයං පිටුවහල්ව සිට 2023 වසරේදී නැවත තායිලන්තයට පැමිණීමෙන් පසු වසර අටක සිර දඬුවමක් නියම වූවා.

නමුත් ඔහුට රාජකීය සමාවක් ලැබීමෙන් එම සිර දඬුවම වසරක් දක්වායි අඩු කරනු ලැබුවේ.

ඉන් අනතුරුව, ඔහු නිදහස් වීමට පෙර මාස හයක් රෝහලක ගත කළා.

කෙසේ වෙතත්, මේ වසරේ සැප්තැම්බර් මාසයේදී අධිකරණය විසින් තීරණය කරන ලද්දේ, බරපතල රෝගයක් සඳහා යැයි කියනු ලබන හේතුව මත හිටපු අගමැතිවරයා පොලිස් රෝහලක ගත කළ කාලය නීති විරෝධී බවයි.

එය පෙර සිර දඬුවම ඉටු කිරීමක් ලෙස ගණනය කළ නොහැකි බවයි එහිදී තීන්දු කෙරුණේ.

ඒ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහුට වසරක සිර දඬුවමක් සම්පූර්ණ කිරීමට සැප්තැම්බර් මාසයේදී නියෝග කළා.

මේ අතර කාම්බෝජයේ හිටපු නායක හුන් සෙන් අතර වූ දුරකථන ඇමතුමක හඬ පටයක් නිකුත් වීමෙන් ඇති වූ ආචාර ධර්ම උල්ලංඝනයක් සම්බන්ධයෙන් තක්සින්ගේ දියණිය වන පේටොංටාර්න් ෂිනවත්‍රා අධිකරණ නියෝගයකින් සේවයෙන් පහ කරන ලද්දේ අගෝස්තු මාසයේදීයි.

එමෙන්ම මැයි මාසයේදී, ඔහුගේ සහෝදරිය වන හිටපු අගමැතිනි යින්ලක් ෂිනවත්‍රාට ද වැරදි සහල් යෝජනා ක්‍රමයක් සම්බන්ධයෙන් ඩොලර් මිලියන 305 ක වන්දි ගෙවීමට නියෝග කරනු ලැබුවා.

2017 දී නඩුව සඳහා ඇයට වසර පහක සිර දඬුවමක් නියම වූ අතර සිරගත වීම වළක්වා ගැනීම සඳහා විදේශගතව ජීවත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

Shares: