උණුසුම් පුවත්දේශීය

ඉන්ධන රැගත් නෞකාවක් කොළඹට

මැදපෙරදිග යුධමය තත්ත්වය හේතුවෙන් උද්ගතව ඇති ගෝලීය බලශක්ති අර්බුදය මධ්‍යයේ, ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන තොගයක් රැගත් හොංකොං රාජ්‍යයට අයත් “Seafrontier” නෞකාව ඊයේ (17) කොළඹට පැමිණ ඇති බව වරාය හා සිවිල් ගුවන් අමාත්‍යාංශය නිවේදනය කරයි.

එම නෞකාව කෙරවළපිටිය ඉන්ධන ගබඩාව වෙත පැමිණ ඉන්ධන ගොඩබෑම ආරම්භ කර ඇති අතර, ඉන් කොටසක් කොළඹ වරායේ ඩොල්පින් ජැටිය හරහා කොලොන්නාව ඉන්ධන ගබඩාව වෙත සම්ප්‍රේෂණය කිරීමද සිදු කර ඇත. මෙය රට තුළ ඉන්ධන සැපයුම ස්ථාවර කිරීමට වැදගත් පියවරක් ලෙස සැලකේ.

මෙම නෞකාව මඟින් 92 ඔක්ටේන් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 17,000ක්, ඩීසල් මෙට්‍රික් ටොන් 18,000ක් සහ සුපිරි ඩීසල් මෙට්‍රික් ටොන් 2,800ක් රැගෙනවිත් තිබේ.

Shares: