කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති උදිත ලියනගේ මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ නිධන් හෑරීමේ සිද්ධියකට සම්බන්ධ වූ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් ඔහුට එල්ල වී ඇති චෝදනා මතයි.
මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයාද අදාළ ස්ථානයට ගොස් සිටි බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනවලින් අනවරණය වී ඇත්තේ.
අනුරාධපුර, ශ්‍රාවස්තිපුර, තිඹිරිගස්කඩවල ප්‍රදේශයේ නිධානයක් ගොඩගැනීමේ නිරතව සිටිය දී නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බිරිඳ ඇතුළු අටදෙනෙක් පසුගිය 14 වනදා පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබුණා.









