රුසියාවේ Kamchatka ප්‍රදේශයේ රික්ටර් මාපකයේ 7.8 ක භූමිකම්පාවක් ඇති වී තිබෙනවා.
එය ජූලි මාසයේ ඇති වූ දැවැන්ත භූමිකම්පාවෙන් පසු ඇති වූ “පසු කම්පනයක්” ලෙසයි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය විසින් හඳුන්වා ඇත්තේ.
එම පර්යේෂණ ආයතනය පැවසුවේ භූ කම්පනයෙන් පසු Kamchatkaහි නැගෙනහිර වෙරළ තීරයෙන් ඔබ්බට හා ඇලස්කාවේ Aleutian දූපත්වලට ද සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කළත් පසුව එය අවලංගු කර ඇති බවයි.
එමෙන්ම කැනඩාව හෝ එක්සත් ජනපද බටහිර වෙරළ තීරයට ද සුනාමි අවදානමක් නැති බව සඳහන්.
කෙසේ නමුත් භූ කම්පනයෙන් සිදුවූ හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නැහැ.
මීට දින 5කට පෙර රුසියාවේ Kamchatka ප්‍රදේශයේ රිච්ටර් පරිමාණ ඒකක 7.4 ක භූ කම්පනයක් ඇති වූ අතර භූකම්පනය හේතුවෙන් Kamchatka වෙරළ තීරයට අඩි 3කට අධික උසින් යුත් රළ පහරක් පැමිණ තිබුණු බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.
එමෙන්ම පසුගිය ජුලි 29 වැනිදා රුසියාවට ඒකක 8.8 ක ප්‍රබල භූමිකම්පාවක් සිදුවුණා.











