ප්රධාන දුම්රිය මාර්ගයේ හුණුපිටිය දුම්රිය ස්ථානයේ පවතින සංඥා දෝෂයක් හේතුවෙන් පහළ දෙසට එම දුම්රිය ස්ථානය පසු කිරීමට නියමිත දුම්රියයන් අද (21) දිනයේ දී ප්රමාදයන් සහිතව ධාවනය විය හැකි බවද දැනුම් දී තිබෙනවා.
එමෙන්ම අද පෙ.ව.09.35 ට කොළඹ කොටුව සිට හලාවත දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය අද දින ධාවනය නොවන බවයි කොළඹ කොටුව දුම්රිය ස්ථානය දැනුම් දී ඇත්තේ.
ඒ හේතුවෙන් දහවල් 12.40ට හලාවත සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය ද අද දින ධාවනය නොවන බව ද සඳහන්.










