විදෙස්

විදෙස් රටවලින් දක්ෂ සේවකයින් අමෙරිකාවට අවශ්‍යයි – ට්‍රම්ප්

තම රටට විදෙස් රටවලින් දක්ෂ සේවකයින් සහ විශේෂ හැකියාවන් ඇති පුද්ගලයන් අවශ්‍ය බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

මෙහිදී ඩොනල්ඩ් ට්‍රම්ප්  පවසා ඇත්තේ, ඇතැම් විශේෂ දක්ෂතා ඇති අය අමෙරිකාව තුළ නොමැති බවයි.

ප්‍රවෘත්ති නාලිකාවක් සමග සිදුකරන ලද සම්මුඛ සාකච්ඡාවකදී අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව අවාධාරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අමෙරිකානු ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය සිදුකර ඇත්තේ, මේ වසරේ ආරම්භයේදී ඔහුගේ පාලනය විසින් H-1B වීසා අයදුම්පත් සඳහා ඩොලර් 100,000ක අයදුම් ගාස්තුවක් නියම කිරීමෙන් පසුවයි.

 

Shares: