අද (පෙබරවාරි 26) දිවයිනේ බොහෝ ප්‍රදේශවල සාමාන්‍යයෙන් වියළි කාලගුණ තත්ත්වයක් පවතින අතර, පස්වරු 2.00න් පසු ප්‍රදේශ කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ අනාවැකි පෙන්වා දෙනවා.
වැසි අපේක්ෂිත ප්‍රදේශ:
* දකුණු පළාත
* රත්නපුර දිස්ත්‍රික්කය
* මොනරාගල දිස්ත්‍රික්කය
එසේම උදෑසන කාලයේදී
* බස්නාහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශවල වැසි වාර කිහිපයක් ඇති විය හැක.
උදෑසන මීදුම අපේක්ෂිත ප්‍රදේශ:
* මධ්‍යම පළාත
* සබරගමුව පළාත
* බස්නාහිර පළාත
* වයඹ පළාත
* උතුරු මැද පළාත
* ගාල්ල, මාතර, මොනරාගල, මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්ක
විශේෂයෙන් උදෑසන ගමනාගමනයේදී මීදුම් තත්ත්වයන් නිසා රියදුරන් සැලකිලිමත් විය යූතු යි.
වැසි සමඟ ගිගුරුම් ඇති විය හැකි බැවින් විදුලි අකුණු අවදානම් පිළිබඳව ද අවධානයෙන් සිටීම වැදගත් වේ.











