ක්‍රීඩා

“අපි රසිකයන්ට සාධාරණයක් ඉටු කළේ නැහැ” – ශානකගේ හෘදයාංගම ප්‍රකාශය

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක ලෝක කුසලාන තරගාවලියේ ප්‍රතිඵලය පිළිබඳව අදහස් දක්වමින් කණ්ඩායමේ යෝග්‍යතා හා ආබාධ ගැටලු දැඩි බලපෑමක් කළ බව ප්‍රකාශ කර තිබුණා.

වනිදු හසරංග අපට ඉතා වැදගත් ක්‍රීඩකයෙක්. මතිෂ පතිරණ කොතරම් වැදගත්ද කියාත් අපි හොඳින්ම දන්නවා. ඒෂන් මාලිංගත් තුවාල ලැබුවා. ක්‍රීඩකයෙකුගේ යෝග්‍යතා මට්ටම ඔහුට ඇතිවන තුවාල වලට බලපානවා,” යැයි ඔහු තවදුරටත් පවසා තිබුණා.

තවද, යෝග්‍යතා ගැටලු හේතුවෙන් කණ්ඩායමට ඇතුළත් වීමට නොහැකි වූ ක්‍රීඩකයින් කිහිපදෙනෙක් පවතින බවත්, එය ලෝක කුසලාන කිහිපයකදීම කතාබහට ලක්වූ ගැටලුවක් බවත් ඔහු සඳහන් කලා.

කොළඹ සහ මහනුවර පැවති තරග නැරඹීමට විශාල සංඛ්‍යාවකින් පැමිණි ශ්‍රී ලංකා රසිකයින් වෙත කණගාටුව පළ කළ ශානක,
“අර්ධ අවසන් වටයට පිවිසීමේ දැඩි ආශාව හැමෝටම තිබුණා. මෙහි සිටින බොහෝ දෙනාට නැවත ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියක ක්‍රීඩා කිරීමට අවස්ථාවක් නොලැබෙන්න පුළුවන්. නමුත් අපි අපේක්ෂාවන්ට සාධාරණයක් ඉටු කළේ නැහැ. රසිකයන්ට අපට අවශ්‍ය ප්‍රතිඵල ලබා දෙන්න බැරි වුණා. ඒ ගැන අපට කණගාටුයි,” යැයිද පවසා තිබුණා.

මෙම ප්‍රකාශය හරහා අනාගතයට ශක්තිමත් කණ්ඩායමක් ගොඩනැගීම සඳහා යෝග්‍යතා සහ ආබාධ කළමනාකරණය ප්‍රමුඛතාවයක් විය යුතු බව පැහැදිලි වනවා

Shares: