තියුණු ආයුධයකින් පහර දීම හේතුවෙන් තරුණයෙකු මිය ගොස් තිබේ.
නාවුල පොලිස් වසමේ නිකුල ප්‍රදේශයේදී ඊයේ (05) මෙම පහරදීම සිදුව ඇත.
පහර දීමෙන් තුවාල ලැබූ තරුණයා නාලන්ද රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.
ණයට ලබා දුන් රුපියල් හැත්තෑ පන්දහසක මුදල ඉල්ලා ගැනීම සඳහා ගිය අවස්ථාවේ දී මෙම ඝාතනය සිදු වී ඇත.
මරණකරු අවුරුදු 23ක කළුන්දෑව, දඹුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ මුදල් ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවයි.
මේ සම්බන්ධයෙන් අවුරුදු 41ක් වන නිකුල ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.











